Jeso Vatolampinay

 


1. මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ
ගැලූ ඔබගේ ඇළෙන්
වතුර හා රුදිරෙන්
මා පව් හා එහි බලේ
සෝදා හරින් මේ කලේ


2. මාගේ බලෙන් බෑ මට
ඔබ පණත් රකින්ට
කොතෙක් උත්සහ කළත්
කඳුළු වැගුරුවත්
පව් කමාව නොලැබේ
ඔබෙන් පමණක් ලැබේ


3. අතේ කිසිත් නොගෙනෙම්
කුරුසේටම ඇලෙම්
නිවත් මා හඳවනු
දුප්පත් මට සෙත් දෙනු
සෝදාලන් කිලුටු මා
සෝදන් නැත්නම් නැසෙයි මා


4. මා දිව පවත්නා තුරුත්
ඇස් පියවෙන කලත්
නොදත් මග යද්දි ද
විනිස දිනේ දි ද
මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *