අසව් දුත ගී නද

 

අසව් දුත ගී නද
රජුට උපන් අද
පොළොවේ සමාදානේත්
සතට වේ දයාවත්
සෑම ජාතීන් නැඟිටිව්
දූතයන් හා ගී කියව්
බෙත්ලෙහෙම් පුරවරේ
ක්‍රිස්තුස් උපන් මේ වරේ


Chorus
අසව් දුත ගී නද
රජුට උපන් අද


උසස් තැන්හි වැඳුම් ලත්
සදාකල් හිමි තෙදැත්
ක්‍රිස්තුස් තුම එයි බලව්
කන්‍යා ළඳ පුත් මෙලෙව්
වසා දේව ලීලාව
සැබවින් මිනිසෙක්ව
මිනිසුන් හා වසන්ට
එම්මානුවෙල් වි තුට


සමාදානේ කුමරු
දමිටුකමේ හිරු
සියල්ලන්ට මිදීමත්
ගෙනාසේක එළියත්
තේජස හැර දමා
මිනිසුන්ට වී පෙමා
සදාකාල ජීවනේ
දෙන්ට ලොව උපන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *